ඉස්හොරි කරදරය නැත්තටම නැතිකරන සාර්ථක ස්වභාවික ප්‍රතිකාර රැසක්.

ඉස්හොරි යනු  (සෙබෝරික් ඩර්මටයිටිස්) යනුවෙන් හඳුන්වන හිස්කබල මත ඇතිවෙන පොදු සෞඛ්‍යය තත්වයකි. සම වියලීම, නොරිස්සුම්කාරී තෙල් සම, හිස්කබල මත බැක්ටීරියා සහ දිලීර වර්ධනය වීම වැනි හේතූන් නිසා ඉස්හොරි ඇතිවෙන්නට පුළුවන්. ඉස්හොරි නිසා හිස්කබල මත කසන ගතියක් සහ පතුරු ගැලවී යාමක්ද ඇතිවෙනවා.
ීය්රු හිසකෙස් වලට වඩාත් හොඳින් සාත්තු කරනවානම් එම තත්වය පාලනය කරගන්නට පුළුවන්. ඊට අමතරව ස්වභාවික ප්‍රතිකාරයන් හී ආදාරයද ඔබට ලබාගන්නට පුළුවන්. අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ ඉස්හොරි සුවකරගැනීම සඳහා භාවිතා කළහැකි සාර්ථකම ස්වභාවික ප්‍රතිකාර රැසක්  පිළිබඳවයි.
කොහොඹ ප්‍රතිකාරය
කොහොඹ වලින් සාදන ලද මිශ්‍රණයක් භාවිතා කරමින් ඉස්හොරි වලට වඩාත් හොඳින් ප්‍රතිකාර කරන්නට පුළුවන්.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
කොහොඹ කොළ යුෂ කෝප්ප  1/4ල සඑජයහ ිජ්කචල ය්සර ේකකි
පොල්කිරි කෝප්ප 1/4ල ය්සර එර්බිචක්බඑල ය්සර ජ්රු
බීට්රූට් යුෂ කෝප්ප 1/4ල
පොල්තෙල් තේහැඳි 1ල ිනසබ ජ්රුල බ්එමර්ක රුපැාහල Aහමරඩැා්
පියවර
සියලුම අමුද්‍රව්‍ය හොඳින් මිශ්‍රකරගෙන හිස්කබල සම්භාහනය කරන්න.
මිනිත්තු 20ක් පමණ ගියපසුව ඖෂධීය ෂැම්පු වර්ගයක් සහ කන්ඩිෂනර් වර්ගයක් භාවිතා කරමින් හිසකෙස් සෝදා හරින්න.
මෙය සතියකට වතාවක් සිදුකරන්න.
උළුහාල් ප්‍රතිකාරය
ඉස්හොරි ඇතිවීම වලක්වා ගැනීම සඳහා භාවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ප්‍රතිකාරයක් ලෙස උළුහාල් ප්‍රතිකාරය හඳුන්වන්නට පුළුවන්. උළුහාල් වල ඇති ප්‍රතිබැක්ටීරියා සහ ප්‍රතිදිලීර කාරක ගුණාංගය නිසා පතුරු ගැලවී යාම වඩාත් හොඳින් පාලනය කරගන්නට හැකියාව තිඛෙනවා.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
උළුහාල් මේසහැඳි 2
වතුර කෝප්ප 1
ඇපල් විනාකිරි කෝප්ප 1
පියවර
උළුහාල් ටික වතුර බඳුනකට දමා රාත්‍රිය පුරාවටම පෙගෙන්නට හරින්න.
උදෑසන එම උළුහාල් ටික හොඳින් අඹරාගන්න.
පසුව ඇපල් විනාකිරිද ඊට එකතුකොට හිස්කබලේ ගලවන්න.
එය මිනිත්තු 30ක් පමණ තිඛෙන්නට හැර මෘදු ෂැම්පු එකක් භාවිතා කරමින් සෝදා හරින්න.
මෙම ප්‍රතිකාරය මගින් හිස්කබල මත ඇතිවී තිඛෙන කසන ගතිය සහ වියලි ගතියද සමනය කරගන්නට පුළුවන්.
ඇස්පිරින් ප්‍රතිකාරය
මෙය ස්වභාවික ප්‍රතිකාරයක් නොවුනත් ඉස්හොරි සඳහා වූ සාර්ථක ප්‍රතිකාරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. ඉස්හොරි මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කරතිඛෙන ෂැම්පු වල අන්තර්ගත වෙන සැලිසිලේට් කියන රසායනිකය ඇස්පිරින් වලද අන්තර්ගතව තිඛෙනවා.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
ඇස්පිරින් පෙති 2
ෂැම්පු
පියවර
පෙති ටික කුඩුකර සාමාන්‍ය ෂැම්පු සමග කලවම් කරගන්න.
පෙන නගින තුරු මිනිත්තු 5ක් පමණ එය තිඛෙන්නට හරින්න.
පසුව එය භාවිතා කරමින් හිසකෙස් සෝදා හරින්න. ඇස්පිරින් කුඩු තවමත් ඉවත් නොවී පවතිනවානම්  ෂැම්පු භාවිතා කරමින් නැවත වතාවක් හිසකෙස් සෝදන්න.
කෝමාරිකා ප්‍රතිකාරය
කෝමාරිකා යනු ඉස්හොරි පාලනය කරගැනීම සඳහා භාවිතා කළහැකි තවත් එක් ස්වභාවික ඖෂධයකි. නොදුටු ලෝකයට වාර්තා වෙන පරිදි, ප්‍රතිදිලීර කාරක ගුණාංගයට අමතරව හිස්කබල සංසිඳුවාලීමේ හැකියාවක්ද කෝමාරිකා වලට තිඛෙනවා. එම නිසා කසන ගතිය දුරුකරගන්නට පුළුවන්.
අවශ්‍ය කරන ද්‍රව්‍ය
කෝමාරිකා යුෂ මේසහැඳි 5
පියවර
කෝමාරිකා යුෂ භාවිතා කරමින් හිස්කබල සම්භාහනය කොට, එය මිනිත්තු 30ක් පමණ තිඛෙන්නට හරින්න.
ඔබේ සම තෙල් සමක් නම් මෙය භාවිතා නොකිරීමට මතක තබාගන්න.
පසුව මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කරමින් හිසකෙස් සෝදා හරින්න.
x


x

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook