නිය ආලේපන භාවිතයෙන් ශරීරයට ඇති වන අහිතකර බලපෑම

නිය ආලේපන ගැල්වීම තරුණියන් අතර අති ජනප්‍රිය විලාසිතාවක් බවට පත් ව තිබේ. අඳින ඇඳුමේ වර්ණයට අනුව බොහෝ තරුණියන් නිය ආලේපන ගැල්වීමට උන්නදුවක් දක්වයි. දෛනික ව මෙන් සතියකට වරක් හෝ නව වර්ණයක් ආලේප කිරීමට බොහෝ දෙනෙක් හුරු ව සිටී. එසේම තව පිරිසක් ආලේප කර ගත් නිය ආලේපන ඉවත් කිරීමට මැලිකමක් දක්වයි. එය ශරීරයට අහිතකර ක්‍රියාවකි. එසේ ම නිරතුරුව නිය ආලේපන ගැල්වීමේ දී ඒවා ඉවත් කිරීමට සිදු වෙයි. එහි දී නිය ආලේපන ඉවත් කිරීමට යොදා ගනු ලබන රසායනික ද්‍රව්‍ය ද ශරීරයට හිතකර නොවේ. නිකමට සිතා බලන්න. ඔබ ගල්වන නිය ආලේපන කොතරම් වර්ණවත් ද? එසේ නම් එම තද පැහැති වර්ණ ඉවත්වන වේගය කොපමණ ඉක්මන් ද? එමගින් ඔබේ නියපොතු අප්‍රාණවත් වෙයි. අවපැහැ ගැන්වෙයි. ශරීරයට බලපෑම් ඇති කරවන අහිතකර රසායනික ද්‍රව්‍ය නිය ආලේපනවල අන්තර්ගත බවත් එවැනි අහිතකර රසායනික ද්‍රව්‍යවලට නිරාවරණයවීම හේතුවෙන් වඳභාවයේ සිට පිළිකා දක්වා වූ නොයෙක් අහිතකර තත්ත්ව ඇති විය හැකි බවත් විද්‍යාඥයෝ සොයාගෙන ඇත. පිළිකා ඇති කරන සෝමැල්ඩිහයිඩ් වැනි සංයෝග ද හෝමෝනවලට බලපෑම් ඇති කරන වෙනත් අහිතකර රසායනික ද්‍රව්‍ය ද නිය ආලේපනවල අන්තර්ගත බව ඔවුහු සඳහන් කරති.

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook