ලිංගික ඇසුරකින් තොරව ඒඩ්ස් රෝගයට ගොදුරු වන්නෝ!

යම් කෙනෙකු ගේ ශරීරයට AIDS ඇතුල්වී මාස තුනක් යනතෙක් ඔහුගේ AIDS ඇතිබව සොයා ගත නොහැකියි. මේ සමය කවුලු සමය ලෙස හැදින් වෙනවා.

ඒඩ්ස් නම ඇසූ පමණින් සිහියට නැගෙන්නේ ලිංගික ඇසුරක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක් බවයි. ඇත්තටම සියයට අනු හතරක්ම වාගේ ඒඩ්ස් වැළඬෙන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුර නිසයි.

එහෙත් නිරපරාදේ ඒඩ්ස් රෝගයට ගොදුරුවන පිරිසක් ද අප අතර සිටින බව සිහි තබාගත යුතුයි.

හය හතර නොදැන මෙලොව එළිය දකින බිළිඳාට ද මව්කුස තුළදී හෝ ඉන් පිටතදී ඒඩ්ස් වැළඳී මේ ඉඩකඩ පවතී.

එමෙන්ම ඒඩ්ස් රෝගියෙකුගේ රුධිරය ශරීරගත වීමෙන් නිරෝගී පුද්ගලයෙකුට ද ඒඩ්ස් ඇතිවිය හැකිය.

මේ පිළිබඳව, ජාතික ලිංගාශි‍්‍රත හා ඒඩ්ස් රෝග මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සිසිර ලියනගේ මහතා දැක්වූ අදහස් මෙසේයි.

ඒඩ්ස් රෝගී තත්ත්වය ඇති කරන AIDS වෛරසය මවගෙන් දරුවාට ඇතුල්විය හැකියි. එහිදී දරුවා හා මව සම්බන්ධ වී සිටින වැදෑමහ හරහා දරුවාට මෙම වෛරසය ඇතුල් වෙනවා.

විශේෂයෙන් මව දැනුවත්ව හෝ නොදැනුවත්ව මව ඒඩ්ස් රෝගී තත්ත්වයෙන් පෙළිය හැකියි. එවැනි මවක් දරුවා බිහි කරත්දී මවගේ රුධිරය දරුවාගේ ශ්ලේෂ්මල පටල හරහා දරුවාට ඇතුල්විය හැකිය.

එවිට දරුවාට AIDS වෛරසය ඇතුල් වීමට ඇති ඉඩකඩ වැඩිය. එමෙන්ම දරුවාට ලබාදෙන මව්කිරි හරහා ද ්‍යෂඪ වෛරසය දරුවාට ඇතුල්වීමේ ඉඩකඩ පවතී.

කෙසේ වුවත් මවට ්‍යෂඪ තිබූ පමණින්ම දරුවාට AIDS වැළඬෙන්නේ නැහැ. එය ප්‍රතිශතයක් ලෙස 50%ක් 60%ක් පමණ වෙනවා.

ගැබිනි මව AIDS වෛරසය ආසාදිත නම් මව ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්නේ නම් දරුවාට AIDS ඇතුල්වීමේ ඉඩකඩ බොහෝ අඩුය. ඊට හේතුව මවගේ රුධිරයේ වෛරස සාන්ද්‍රනය අඩු වීමයි.

දරුවාට ්‍යෂඪ ආසාදිත ද යන්න සොයා ගැනීම සඳහා ඉපදුණු විගස දරුවාගේ රුධිර පරික්ෂාවක් කෙරෙනවා. දරුවාට මවගෙන් AIDS ඇතුල්වී ඇත්නම් දරුවාට දිගින් දිගටම ප්‍රතිකාර කළ යුතුයි.

මේ සඳහා AIDS වෛරසයට විරුද්ධව ක්‍රියා කරන ඒඅඊ කාණ්ඩයේ ඖෂධ නියමිත මාත්‍රාවෙන් ලබාදිය යුතුයි. මෙවැනි දරුවන් ජීවිතකාලය පුරාම ඖෂධ ගත යුතුයි.

මෙවැනි දරුවෙක් හඳුනාගත් පසු දරුවා සාමාන්‍ය ලෙස ජීවත් කරවිය යුතුයි. එහිදී දරුවා රැකබලා ගන්නන්ට අවශ්‍ය උපදෙස් ලබාදීම කරනවා.

ඉන් පසු දරුවා වැඩුණු පසු දරුවාගේත් දරුවා සමග ජීවත්වන අයගේත් මානසික තත්ත්වය තේරුම් ගෙන දරුවාට AIDS වෛරසය ඇතුල්වී ඇති බවත් ඒ නිසා සමාජයේ ජීවත්විය යුතු ආකාරයත් පහදා දෙනවා.

වර්ෂ 1989 සිට මේ වන තෙක් මෙවැනි දරුවන් 71 දෙනෙක් බිහිවී තිඛෙනවා. ඉන් 40 දෙනෙක් මේ වනවිට ජිවත් වෙනවා. ඔවුන් අතර නව යොවුන් වයස ගත කරන දරුවන් ද සිටිනවා.

මුල් අවධියේදීම මවට ්‍යෂඪ ආසාදිත බව සොයා ගතහොත් දරුවාට AIDS ආසාදනය වළක්වා ගැනීමේ හැකියාව පවතිනවා.

මිනිස් සෛලවල පමණක් AIDS වෛරසය ජීවත්වන නිසා මිනිසාගේ රුධිරය සම්බන්ධ කටයුතුවලදී විශේෂ පරික්ෂාවක් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා.

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් තොරව රුධිරය ඇසුරෙන් AIDS ආසාදනය වීම ලංකාවේ සියයට එකකටත් අඩුවෙන් සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

රුධිර පාරවිලනය වැනි තත්ත්වලදී AIDS ආසාදනය විය හැකි වුවත් ලංකාවේ රුධිර දායකයින්ගේ රුධිරය තවත් අයෙකුට ලබා දෙන්නේ පූර්ණ AIDS පරීක්ෂාවකට රුධිරය ලක් කිරීමෙන් පසුවයි.

නමුත් රුධිර දායකයා ඒඩ්ස් රෝගයේ කවුලු සමය ගතකරන්නෙක් නම් ඔහුගේ රුධිරයේ AIDS වෛරසය ඇතිබව සොයා ගත නොහැකියි.

යම් කෙනෙකු ගේ ශරීරයට AIDS ඇතුල්වී මාස තුනක් යනතෙක් ඔහුගේ රුධිරයේ AIDS ඇතිබව සොයා ගත නොහැකියි. මේ සමය කවුලු සමය ලෙස හැදින් වෙනවා.

මත්ද්‍රව්‍ය ශරීරයට එන්නත් කරගැනීමේදී ද AIDS වෛරසය ඇතුල්විය හැකියි. රෝගී කෙනෙකු මත්ද්‍රව්‍ය එන්නත් කරගත් කටුවකින් නිරෝගී කෙනෙකු මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීමේදී මේ තත්ත්වය ඇති වෙනවා. මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමෙන් රෝගී වූ පුද්ගලයන් දස දෙනෙක් පමණ ලංකාවේදී සොයාගෙන තිඛෙනවා.

එන්නත් ලබාදීමේදී නිසිලෙස ජීවානුහරණය නොකළ එන්නත් කටු මගින් ද AIDS වෛරසය ඇතුල්විය හැකියි. AIDS ආසාදිතයෙකු එන්නත් කළ කටුවකින් නිරෝගී අයෙකු එන්නත් කළහොත් මේ තත්ත්වය ඇතිවිය හැකියි.

රැව්ල, කොණ්ඩය කැපීම වැනි තත්ත්වවලදී AIDS ආසාදිත වියහැකි වුවත් එවැනි තත්ත්ව ශ්‍රී ලංකාවෙන් වාර්තා වී නැහැ.

එමෙන්ම ශරීරයේ පච්චා කෙටීමෙන් ද ඒඩ්ස් රෝගය වැළදීමේ ඉඩකඩ පවතිනවා. නමුත් එවැනි තත්ත්ව ලංකාවෙන් මෙතෙක් වාර්තාවී නැහැ.

කෙසේ වුවත් ඒඩ්ස් රෝගී තත්ත්වය වැඩි වශයෙන් ව්‍යාප්ත වන්නේ අනාරක්ෂිත ලිංගික ඇසුර නිසයි. මේ තත්ත්වය වලක්වා ගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ව්‍යාප්තිය අවමකරගත හැකියි.

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook