ඔසප් දිනවලදී ලිංගිකව එක්වීමෙන් සිදු වන දෑ

  කාන්තාවන්ගේ ඔසප් වීම පිළිබඳව ඇතැම් ජන සමාජවල තවමත් පවතින්නේ අභූත බියක්. තත්වය එසේ තිබියදී ඔසප් දිනවල ලිංගික එක්වීම යන කාරණය පිලිබඳ අප සමාජයේ පවතින්නේ කෙබඳු වූ මතයක්ද යන්න අමුතුවෙන් පැහැදිලි කර දීමට අවශ්‍ය නැහැ. බහුරයක් කාන්තා, පුරුෂ යන මේ දෙපාර්ශවයම ඔසප් දිනවල ලිංගිකව එක් වීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෛද්‍යවරුන් පවසන පරිදි එසේ බිය වීමට කිසිදු සාධානර හේතුවක් විද්‍යාත්මකව තහවුරු වී නැහැ.


ඇත්තෙන්ම ඔසප් දිනවලදී ලිංගිකව එක්වීම නිසා කාන්තා පාර්ශවයට ලැබෙන්නේ පහතාකාරයේ සහනයන් රාශියක්

    ඇතැම් කාන්තාවන්ට මේ දිනවලදී වඩාත් දැඩි ලෙස ලිංගික ආශාවන් ඇති වන්නට පුළුවන්. එයට හේතුව වන්නේ මෙම දිනවල සිදුවන හෝර්මෝන ක්‍රියාකාරීත්වය නිසා කාන්තාවන්ගේ �ක්ලිටෝරිසය� උත්තේජනය වන නිසායි.
    ලිංගිකව එක්වීමේදී ලැබෙන සුරතාන්තය (orgasm) ඔසප් දිනවලදී ඇතිවන යටි බඩේ වේදනාවට සහනයක් ලබා දෙනවා.
    ඔසප් දිනවලදී ඇතිවන දැඩි හිසරදයටත් ලිංගික එක්වීම හොඳ ප්‍රතිකර්මයක්.
    එමෙන්ම ලිංගිකව එක්වීම මගින් වැඩි ඔසප් රුධිර ප්‍රමාණයක් පිට වන නිසා ඔසප් දින ගණන අඩු කරගැනීමටත් පිළිවන්.
    ඔබ දෙදෙනා අතර ඇති බැඳීම වඩාත් ශක්තිමත් වීමටද මෙය හේතුවක් විය හැකියි.

මම දිනවලදී ලිංගිකව හැසිරීමට ඔබ අදහස් කරනවානම් පහත කරුණු ගැන ද සැලකිලිමත් වීම හොඳයි.

    රුධිරය යනු ලිහිස්සිකාරකයක් කියා  සිතන්නට එපා. ඒ නිසා ඔබ ලිංගික කටයුතුවලදී ලිහිස්සිකාරකයක් භාවිතා කරනවා නම් මේ දිනවලදී එය භාවිතා නොකර සිටීමට කල්පනා කළ යුතු නැහැ.
    ලිංගික කටයුතුවලින් පසුව දෙදෙනාටම එක්වී ස්නානය කිරීමට හැකිනම් වඩාත් අගෙයි.
    ඔබ ඇඳ ඇතිරිලි, මෙට්ටය ගැන වද වනවානම් නානකාමරය ඔබගේ ස්ථානය කරගැනීමෙන් ඔබ දෙදෙනාට වෙනස්ම අත්දැකීමක් ලබා ගැනීමටත් හැකි වේවි.
    එසේ නැතිනම් ජලය කාන්දු නොවන ඇතිරිල්ලක් හෝ පරණ ඇතිරිලි, තුවා මෙට්ටය මත එළා ගත හැකියි.
    වඩාත්ම වැදගත් දෙය නම් ඔසප් දිනවලදීද ඔබ ගර්භණීභාවයට පත්වීමේ සුළු ඉඩ කඩක් පවතිනවා. විශේෂයෙන්ම ඔසප් දින ගණන ඉතා කෙටි කාලයකට සීමා වනවානම්. ඒ නිසා ඔබ උපත් පාලන ක්‍රමයක් භාවිතා කරනවානම් එය එසේම මෙම දිනවලදීත් භාවිතා කිරීම තමයි කළ යුත්තේ.

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook