ශිෂ්ණයේ ප්‍රමාණය අඟලකින් වර්ධනය කර ගැනීමට සරල ක්‍රම කිහිපයක්

පිරිමින් අතරින් බහුතරයක් තමන්ගේ ශිෂ්ණයේ ප‍්‍රමාණය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ. කාන්තාවක් සතුටු කිරීමට නම් ප‍්‍රමාණයෙන් විශාල ශිෂ්නයක් තිබිය යුතු බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

යතාර්ථයක් වශයෙන් බලන කල එහි යම් සත්‍යතාවයක් නැතුවාම නොවෙයි. ඔබත් මෙම ගැටලූවෙන් පීඩා විඳින කෙනෙක් නම් මෙම ලිපිය ඔබට ඉතාමත්ම වැදගත් ලිපියක් බවට පත්වේවි. අපි ඔබව දැනුවත් කරන්නේ ශිෂ්නයේ ප‍්‍රමාණය වැඩිදියුණු කිරීම සඳහා භාවිත කළහැකි ව්‍යායාම කිහිපයක් පිළිබඳවයි.

කෙසේ වෙතත් මෙම ව්‍යායාම ක්‍රම මගින් ඔබට අති විශාල ශිෂ්නයක් නම් හිමි වන්නේ නෑ. මෙම ව්‍යායාම ක්‍රම සති කිහිපයක් ප්‍රගුණ කිරීම මගින් සැලකිය යුතු ප්‍රමාණයකින් ඔබේ ශිෂ්නය වර්ධනය වේවි.

උදාහරණයක් ලෙස කුඩා ප්‍රමාණයේ ශිෂ්නයක් මධ්‍යම ප්‍රමාණයට වර්ධනය වීම හෝ මධ්‍යම ප්‍රමාණයේ ශිෂ්නයක් මධ්‍යම ප්‍රමාණයට වඩා විශාල වීම ගැන සිතන්න.

ඔබේ ශිෂ්නයේ ප්‍රමාණයත් මෙලෙස වර්ධනය කර ගන්නට අවශ්‍ය නම් පහත සඳහන් වන පියවරයන් නිසි ලෙස අනුගමනය කරන්න.

JELQING ව්‍යායාමය

ශිෂ්නය වර්ධනය කර ගැනීමට සිදු කල හැකි ප්‍රධානතම ව්‍යායාමය වන්නේ “Jelqing” ව්‍යායාමයක්. මෙය සරල සම්භාහන ක්‍රමයක් වනවා. ඔබේ අතින් “Ok” ලෙස පැවසීමට මහපට ඇඟිල්ල සහ දඹර ඇඟිල්ල සකස් කරන ආකාරයට අත සකස් කරන්න. ඉන්පසුව ඔබේ ශිෂ්නය හොඳින් ප්‍රාණවත් කර ඔබේ ඇඟිලි දෙක භාවිතා කර ශිෂ්නයේ පහලින් අල්ලා තෙරපමින් ශිෂ්නයේ හිස ආරම්භ වන ස්ථානය දක්වා ගමන් කරවන්න. ඉන් පසුව අනෙත් අත භාවිතයෙන් මෙම ව්‍යායාමය නොනවත්වා විනාඩි පහක් පමණ සිදු කරන්න.

දිගැදීම STRETCHING

“Jelqing” ව්‍යායාමය සති කිහිපයක්ම සිදු කිරීමේන් පසුව ශිෂ්නයේ වට ප්‍රමාණය වර්ධනය වී ශිෂ්නයේ මහත වර්ධනය වී ඔබට දිස් වේවි. නමුත් “Jelqing” ව්‍යායාමයෙන් පමණක් ශිෂ්නයේ දිග වර්ධනය වන්නේ නෑ. ශිෂ්නය දිගැදීම සඳහා ඉහත ආකාරයටම ශිෂ්නයේ පහලින් අල්ලාගෙන ඉදිරියට අදින්න. ඉන් පසුව අනෙත් අත මගිනුත් මෙම ක්‍රියාවම සිදු කරන්න. ඔබ “Jelqing” ව්‍යායාමය සිදු කරන අතර වාරයේදී මෙයත් සිදු කරන්න.

සංගතතාව

මෙහි අර්ථය වන්නේ සතියකට දින 4 – 5 පමණ ව්‍යායාම සිදු කිරීම යන්නයි. බොහෝ ව්‍යායාම ක්‍රම දින පහක් සිදු කර දින දෙකක විවේකයක් ලබා ගන්නා ව්‍යායාමයි. නමුත් සමහර ව්‍යායාම දිනපතාත් සිදු කරනු ලබනවා. ඔබ මේ ව්‍යායාම සිදු කරනු ලබන ආකාරය කුමක් වුවත් යම් කිසි රටාවක් දිගටම අනුගමනය කරන්න.

උණුසුම් කර ගැනීම

ව්‍යායාම සිදු කිරීමට පෙර ශරීරය උණුසුම් කර ගන්නවා ඔබ දැක ඇති. නමුත් කාලය ඉතිරි කර ගැනීම සඳහා ඇතැමුන් ව්‍යායාම සිදු කිරීමට පෙර ශරීරය උණුසුම් කර ගැනීමේ පියවර මගහරිනවා. නමුත් උණුසුම් කර ගැනීමේ ක්‍රියාවලිය ව්‍යායාමයේම කොටසක් ලෙස සලකන්නට පුළුවන්.

ශිෂ්නය සඳහා සිදු කරනු ලබන ව්‍යායාම වලදීත් ශිෂ්නය උණුසුම් කර ගන්නට පුළුවන්. මද උණු ජලයේ පෙඟවූ රෙදි කඩක් ගෙන ශිෂ්නය වටා අතුරා විනාඩි කිහිපයක් සිටීම පමණයි ඔබ සිදු කල යුත්තේ. ඉන් පසුව ඉහත සඳහන් කල ආකාරයට “Jelqing” සහ දිගැදීම “STRETCHING” ව්‍යායාම ක්‍රමයන් සිදු කරන්න. ඔබ ශිෂ්නය උණුසුම් නොකරනවා නම් ඔබේ “Jelqing” සඳහා වැය කරනු ලබන කාලය අපතේ යෑමක් සිදු වනවා.

ලිහිස්සි ද්‍රාවන

මෙවන් ව්‍යායාමයක් සිදු කරන අවස්ථාවක බොහෝ දෙනා විසින් මගහරිනු ලබන පියවරක් තමයි ලිහිස්සි ද්‍රාවන භාවිතා කිරීම. “Jelqing” සහ දිගැදීම “STRETCHING” ව්‍යායාම ක්‍රම ලිහිස්සි ද්‍රාවණයක් තොරව සිදු කිරීම මගින් පසු දින එම ව්‍යායාමය සිදු නොකිරීමට පවා සිත් දෙන වේදනාවක් ඇති වන්නට පුළුවන්. ලිහිස්සි ද්‍රාවණයක් ශිෂ්නයේ තවරා ගැනීම මගින් ශිෂ්නයේ බාහිර සම ආරක්‍ෂා වීමත් ව්‍යායාම ක්‍රම ඵලදායී වීමත් සිදු වනවා.

ඉවසීම

මෙවන් ව්‍යායාමයක් සිදු කිරීමට නම් ඉතා හොඳ ඉවසීමක් තිබිය යුතු වනවා. ඇතැම් පුද්ගලයින් මෙම ව්‍යායාම ක්‍රමය දිනක් දෙකක් සිදු කර අත් හැර දමනු ලබනවා. කෙසේවෙතත් දින දෙක තුනකින් ශිෂ්නයේ ප්‍රමාණය වර්ධනය වන්නේ නෑ. ඔබට සාර්ථක ප්‍රතිඵල අත් කර ගන්නට අවශ්‍ය නම් මේ ව්‍යායාම ක්‍රමය සති කිහිපයක් ඉතා ඉවසීමකින් යුතුව සිදු කල යුතු වනවා.

උණුසුම පහව යැවීම

මෙයත් ශිෂ්නය උණුසුම් කර ගැනීමේ පියවරටම සමාන ක්‍රියාවක්. “Jelqing” සහ දිගැදීම “STRETCHING” ව්‍යායාම ක්‍රම සිදු කිරීමෙන් පසුව බොහෝ දෙනා මගහරිනු ලබන තවත් එක් පියවරක් තමයි උණුසුම පහව යැවීම කියන්නේ.

මෙයත් ශිෂ්නය උණුසුම් කර ගැනීමටම සමාන වැදගත් කමක් ඇති තවත් පියවරක්. මෙම කාලය අතර තුල ශිෂ්නය සැහැල්ලුවෙන් ප්‍රාණවත් බව පහව යෑමට ඉඩ හැර ඔබත් සැහැල්ලුවෙන් සිටින්න. මෙම කාලය අතර තුල ශිෂ්නයේ පටක වර්ධනය වේගවත් වී ශිෂ්නයේ ප්‍රමාණය වර්ධනය වේවි.

වවාදයයි: මෙම ව්‍යායාම සිදු කරනවා යැයි කියා අනවශ්‍ය පීඩනයක් ශිෂ්නයට ලබා නොදෙන්න. එමගින් ශිෂ්නයට හානි සිදු වන්නට ඉඩ තිබෙනවා.

Post a Comment

Previous Post Next Post

Recent Posts

Facebook